මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිරට
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට බස්නාහිර දක්වා වන දිශාවලින් හමා යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර මෙම මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර මෙම මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
මේ අතර දිවයින හරහා දැනට පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ඉදිරි දින කිහිපයේදී තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ දක්වා වන තද සුළං ඇති විය හැක.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.
මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
