News

මුහුදු මාර්ගයෙන් රට පනින හැදූ පිරිසක් මාට්ටු

මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළායාමට උත්සාහ කළ 24 දෙනෙකු කල්පිටිය – කුරක්කන්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව අද (11) පෙරවරුවේ සිදුකළ මෙහෙයුමක දී ලොරි රථයක් තුළ මොවුන් පිරිස රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

එම පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් තිදෙනෙකුද සිටින අතර යාපනය, මඩකලපුව සහ මන්නාරම යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.