මුහුදු රළ ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක් සදහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයන් හි මුහුදු රළ මීටර 2ත් මීටර 2.5 ත් අතර ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
