මුහුදෙන් රට පනින්න හැදු තරුණයින් 11දෙනෙකු අත්අඩංගුවට
මුහුදු මාර්ගය ඔස්සේ විදේශීය රටකට පලා යමේ සුදානමින් රැදී සිටි බවට සැකකරන තරුණයින් 11 දෙනෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 01 වැනිදා පුත්තලම කලපුව ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති තරුණයින් සියළුම දෙනා උතුරු නැගෙනහිර ප්රදේශ වල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
ඔවුන් වයස අවුරුදු 28 පමණ වන අයවළුන්ය.අත්අඩංගුවට ගෙන සිටින අය අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකත්වය දරා පසුව පුනරුත්තාපනය වූ අයවළුන්ද සිටින බවට සැකකරන්නේ යැයි විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරීන් කියයි.
සැකකරුවන් පැමිණි බව කියන වෑන් රථයක්ද පොලිස් බාරයට ලෙන ඇත.එහි ආහාර සහ ඇදුම් පැළදුම් තොගයක්ද තිබී ඇත.
බහු දින යාත්රාවක් මගින් මෙම පිරිස විදේශීය රටකට පලා යාමට සුදානමින් සිටින්නට ඇති බවත්,ඔවුන් කැදවාගෙන යාම සදහා කිසියම් අයෙකු පැමිනෙන තුරු ඔවුන් පුත්තලම නගරයේ කලපුව ආසන්නයේ රැදී සිටින්නට ඇති බවට විශ්වාස කරන බවත් විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරීන් කියයි.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.