මෙගාවොට් 71ක ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරයි
මෙගාවොට් 71ක ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට පෞද්ගලික අංශයෙන් එක් කර ඇති බව විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
එන් පවර් සමාගමේ සපුගස්කන්ද විදුලි බලගාරයෙන් මෙගාවොට් 51ක් සහ මාතර බලාගාරයෙන් මෙගාවොට් 20ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරන අතර තවත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිළදී ගැනීම සඳහා වන ගිවිසුම් ඉදිරියේදි අත්සන් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ටෙන්ඩර් පටිපාටිය අනුව විදුලිය මිලදී ගැනීම සඳහා පෞද්ගලික විදුලි බලාගාර තෝරාගැනිමට නියමිතය.ඒ අනුව ඇග්‍රිකෝ වී පවර් අල්ටාස් ඕල්ඩර් නේටිව් සමාගම් සමග ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව ඇත.