News

මෙතෙක් සිදුකළ මෙහෙයුම් වලින් අපරාධ කල්ලි සාමාජිකයින් 22ක් STF අත්අංඩගුවට

ජනාධිපතිවරණ සමයෙන් අනතුරුව ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 22 කු අත්අංඩගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

පසුගිය නොවැම්බර් 19 වැනිදා සිට මේ දක්වා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම් වැනි සිද්ධිවලට සම්බන්ධ පාතාල ක්‍රියාකාරීන් බව පොලීසිය සඳහන් කළ අතර වැඩිදෙනෙකුම සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අංගොඩ ලොක්කා සහ ඌරු ජුවා යන අයගේ සහයකින්ය.

මෙම අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමත් සමග කප්පම් ගැනීම් වැනි අපරාධ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල අඩුවීමක් ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.