මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකුට නිදහස
මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ වරදට අත්අඩංගුවට ගෙන සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නිදහස් කළ බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්යක්ෂක ජෙයරාජසිංහම් සුදාකරන් මහතා පවසයි.
අත්අඩංගුවට පත් අදාළ පිරිස් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ධීවරයින් නිදහස් කිරීමට පේදුරුතුඩුව මහේස්ත්රාත්වරයා ඊයේ(14) නියෝග කළ බව සුදාකරන් මහතා පැවසුවේය.
සුදාකරන් මහතා වැඩිදුරටත් පැවසූවේ මීට මාස දෙකකට පෙර පේදුරුතුඩුවට ඔබ්බෙන් වන මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි අදාළ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි.
අදාළ පිරිස ආගමන විගමන නිළධාරීන් හරහා ඉන්දියාව වෙත භාරදීමට නියමිත බවද හෙතෙම සදහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය
