මෙරට අමෙරිකානු තානාපතිනිය අද විදේශ අමාත්‍යාංශයට
මෙරට අමෙරිකානු තානාපති එලේනා බී. ටෙප්ලිප්ස් මහත්මිය අද(16) පෙරවරුවේ මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත කැඳවීමට තීරණය කර ඇත.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ පවුලේ සාමාජිකයන්ට ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ නීතියට පිටින් සිදු වූ බව කියන මනුෂ්‍ය ඝාතන මුල්කර ගනිමින් අමෙරිකාව පැන වූ සංචාරක තහනම පිළිබඳව කරුණූ විමසීම සඳහා එම කැඳවීම සිදුකරන බවයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියමාර්ගයට දැඩි විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි.
තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර අදාල තීරණය සමාලෝචනය කරන ලෙස විදේශ සබඳතා අමාත්‍යාංශය අමෙරිකාවෙන් ඉල්ලීමක් කරයි.
