මෙරට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවලින් පහෙන් එකක් බොරු
මෙරට ඉඩම් ඔප්පුවලින් 40% -50% අතර ප්‍රමාණයක් ව්‍යාජ ලේඛන බව රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
රෙජිස්ටාර් ජෙනරාල් එන්. සී. විතානගේ මහතා පැවසුවේ, උප්පැන්න සහතික, විවාහ සහතික සහ මරණ සහතිකවලින් පහෙන් එකක් ව්‍යාජ ලේඛන බවට තහවුරු වී ඇති බවය.
නූතන තාක්ෂණය භාවිත කරමින් සියලු ඉඩම් හා උප්පැන්න සහතික තොරතුරු පරිගණකගත කිරීමට මේ වන විට කටයුතු ආරම්භ කර ඇති බව ද රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ වසරේ සිට ක්‍රියාත්මක නව ක්‍රමවේදයන් ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ තොරතුරු පරිගණකගත දත්ත බවට පත් කරනු ලබන බව රෙජිස්ටාර් ජෙනරාල් එන්. සී. විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.