News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 178 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙ‌නෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 178 දක්වා ඉහළ යනු ඇති.

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටදී සිදුවූ මරණ සංඛ්‍යාව 5කි.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන වට කොරෝනා ආසාදිතයින් 137ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ආසාදිතයින් 34දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

කෙසේ‌ වෙතත් මේ වන විට සැක මත වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගලයින් 259දෙනෙකු ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.