මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 81000 ඉක්මවයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 485දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛයාව 81,321ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් මේ දක්වා හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 84610ක් වන අතර, ඉන් ආසාදිතයින් 2800දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 489කි.