News

මෙරට පුද්ගලයෙකුට කොවිඩ් නව ප්‍රභේදය ආසාදනය වෙයි

දකුණු අප්‍රිකාවේ මේ වන විට පැතිර යන කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් මෙරටින් හඳුනාගෙන ඇත.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් අදාල ආසාදිත පුද්ගලයා හඳුනාගත් බවයි.

එම ආසාදිතයා ටැන්සානියාවේ සිට පැමිණි පුද්ගලයෙකු වේ.