මෙරට සමස්ථ කොවිඩ් රෝගීන් ගණන 90,300 ඉක්මවයි
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 175දෙනෙකු අද(22)දිනයේ හඳුනා ගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 90,375ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 87,058ක් වන අතර ආසාදිතයින් 2596දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
කොවිඩ් ආසාදනය වීමෙන් මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 546කි.