කොරෝනා නිසා මෙරටදී මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුවෙන්නෙ මෙහෙමයි
නව කොරෝනා වෛරසයෙන් මෙරට සිදුවු පළමු මරණය ඊයේ වාර්තා වු අතර ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 60 ක තැනැත්තෙක්. දියවැඩියාව සහ අධික රුධිර පීඩනය යන රෝගවලින් ද පෙලි ඇති ඔහු වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරිමකට ද ලක්ව ඇත.
