මෙරටින් හදුනාගත් පළමු කොරෝනා ආසාදිතයා පූර්ණ සුවය ලබයි
මෙරටින් හදුනාගත් කොරෝන (COVID-19) වෛරස් ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා පූර්ණ සුවය ලබා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පිටව ගොස් තිබේ.
මොහු මාර්තු මස 9 වැනිදා අසනීප තත්ත්වයක් හේතුවෙන් හදිසියේම රෝහල් ගත කරනු ලබන අතර, පසුව හදුනාගෙන ඇත්තේ මොහු කොරෝන (COVID-19) වෛරස් ආසාදිත වූ රෝගියෙකු ලෙසය.
මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන මොහු ඉතාලි භාෂාව කතාකරන සංචාරක රියදුරු මාර්ගෝපදේශකවරයෙක් ලෙස කටයුතු කරනු ලබන අයෙකි.
ඔහු අවසන්වරට මගපෙන්වා ඇත්තේ මාර්තු මස 3 වැනිදා සිට මෙරට සංචාරයක නිරත වූ ඉතාලි ජාතිකයින් සිව්දෙනෙකුටය.
