මේ අවුරුද්දටත් ගෙදරම ඉන්න
විදේශීය රටවල් කීපයකම මේ වනවිට කොවිඩ් රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක් හා මරණ වැඩිවීමක් පෙන්නුම් කරනවා. එබැවින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වා නිවස තුළම සිටින්නැයි ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
විශේෂයෙන් එළැඹෙන උත්සව සමයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන් වෙත නොයෑමටත් විනෝදගමන් සාප්පු සවාරිවල නොයෙදීමටත් කටයුතු කරන මෙන් ඇමැතිවරිය ඉල්ලා සිටී.
පසුගිය වසරේදී සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට නොහැකි වූ අතර මෙවර අවුරුද්ද නිවස තුළම සැමරීම සමගින් කොවිඩ් රෝග ව්‍යාප්තිය තවදුරටත් පාලනය කර ගැනීමට හේතුවක් වනු ඇතැයිද ඇය පෙන්වා දෙයි.
එසේම එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වනවිටත් සාර්ථකව ඉදිරියට කරගෙන යන අතර එන්නත් ලබා ගැනීමට සෑම කෙනකුම කටයුතු කිරීම ඉතාමත් වැදගත් වන බවද රාජ්‍ය ඇමැතිවරිය අවධාරණය කරයි.
ශ්‍රියානි විජේසිංහ