මොණර දඩයමේ ගිය දෙදෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට
මන්නාරම,වෙඩිතලතිව්,සවාරිකුලම ප්‍රදේශයේදී මොණර දඩයමේ ගිය පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(31) රාත්‍රියේ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම අඩම්පන් පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ මොණරෙකු මරා තවත් මොණරුන් දඩයම සදහා කැළැවේ සැරිසරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවක්කුවක් සමඟ එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ප්‍රදේශයේ මොණර දඩයම සිදුවන බවට පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් සතුව තිබි මෙරට නිශ්පාදිත කොටන තුවක්කු 01, වෙඩි සකස් කිරීමට උපයෝගී කර ගන්නා ඊයම් කැබලි 14,වෙඩි සකස් කිරීමට උපයෝගී කර ගන්නා කෝඩයිට් පුපුරණ ද්‍රව්‍ය ග්රැම් 05, අගල් 11 ක් දිග තහනම් පිහි 01, මරා දමන ලද වැඩුනු මොණරෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු අද(01) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
වවුනියාව – මාධව කුලසූරිය