News

මොනවා අඩු කළත් කෑමවල මිල නම් අඩු කරන්නේ නැහැ

ඉන්ධන මිල කොතරම් අඩු කළද බත් පැකට්ටු ඇතුළු ආහාරවල මිල ගණන් අඩු නොකරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසනවා.

“අරුණ” සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආහාර සදහා නිසි මිල ප්‍රතිපත්තියක් ගෙන එන තෙක් ආහාරවල මිල අඩු නොකරන බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති ලෙස පත්වීමෙන් අනතුරුව බත්පැකට්ටුවේ සහ ප්ලේන්ටියේ මිල ගණන් අඩු කිරීමට හේතුව ද මෙහිදී අසේල සම්පත් මහතා පැහැදිලි කර සිටියා.