මොරටුවේ වෙඩි තැබීමකින් බස් රථ හිමිකරුවෙක් ඇතුළු දෙදෙනෙක් මරුට
පිළියන්දල – මොරටුමුල්ල මාර්ගයේ අද පෙරවරු 10 30 ට පමණ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බවයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මොවුන්ට වෙඩි තබා පලාගොස් තිබේ.
වෙඩි තැබීමෙන් එලෙස මියගොස් ඇත්තේ නිවස ඉදිරිපිට සිටි පියා සහ ඔහුගේ පුත්‍රයාගේ, මිත්රයෙකි.
වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ මියගිය පියාගේ , පුත්‍රයායි.
වෙඩි තැබීමට පැමිණි එක් අයෙකු හඳුනා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ බස්රථ හිමිකරුවෙකි.
වෙඩි තැබීම පෞද්ගලික හේතුවක් මත සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.