නවතම ප්‍රවෘත්ති

යතුරු පැදි – කැබ් ගැටී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මරුට

‍ගල්ගමුව සති පොළ ඉදිරිපිට දී ඊයේ (17)රාත්‍රි නමයයි පහළොවට පමණ සිදු වු රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි. පාදෙණිය – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අනුරාධපුරය දෙස සිට පැමිණි යතුරු පැදියක් හා පාදෙණිය දෙස සිට පැමිණි කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත. අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරු පැදියෙන් ගමන් කළ කොස්තාපල්වරුන් දෙදෙනාය.

තඹුත්තේගම පොලිසියේ සේවය කරමින් සිටි ආර්. එම්. නිශාන් පද්මසිරි රත්නායක (81513)හා  අනුරාධපුරය පොලිසියේ සේවය කළ ඩී.චමිල චතුරංග (77837) යන පොලිස් කොස්තාපල්වරු  එලෙස මිය ගොස් ඇති අතර මොවුන් දෙදෙනාගෙන් කොස්තාපල් රත්නායක අඹන්පොළ ,රනෝරාව ප්‍රදේශයේ පදිංචිව සිටි 28 වියැති දෙදරු පියෙකු බවත් කොස්තාපල් චතුරංග ඇල්පිටිය, පැලන්දගොඩ පදිංචිව සිටි 32හැවිරිදි අවිවාහකයෙකු බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.

ගල්ගමුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර ගේ උපදෙස් මත එහි රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දුමින්ද නයනසිරි ඇතුළු පිරිසක් පරික්ෂණ පවත්වති .