යතුරුපැදි 03ක් වේගය පාලනය කර ගැනීමට නොහැකි සිදුවූ අනතුරකින් අයෙක් මරුට
මුන්දලම කුඹුක්කඩවල ප්රදේශයේදී යතුරුපැදි 03ක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ එම අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතව ප්රතිකාර ලබන බවයි.
කුඹුක්කඩවල ප්රදේශයේදී කොහොඹගස්වැව දෙස සිට මහකුඹුක්කඩවල දෙසට ගමන් කළ යතුරු 03ක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යතුරුපැදිවල ගමන් කල තිදෙනෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමේදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක් වූ නිකවැරටිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.