යතුරුපැදි සොරකමේ නිරත 78 හැවිරිදි පුද්ගලයෙක් මාට්ටු
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයෙකු අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු විසින් සොරකම් කරන ලද යතුරුපැදි 17ක් සොයාගෙන තිබේ.
දැනට තිබෙන තොරතුරු අනුව තවත් යතුරුපැදි ප්‍රමාණයක් සැකකරු විසින් සොරකම් කර විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට අලෙවි කර තිබෙනවා.
එම සැකකරුගෙන් යතුරුපැදි මිලදී ගත් පුද්ගලයින්ට එරෙහිවද ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.