යහ පාලනයේ ටොප් 10 ටොප් 20 වෙයි
යහපාලන ආණ්ඩුව සමයේදී එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් සිදු කළ තවත් මහා පරිමාණ දූෂණ හා අක්රමිකතා දහයක තොරතුරු හෙළි කිරීමට එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ සැලසුම් කර ඇත.
එම මහා පරිමාණ දූෂණ, අක්රමිකතා සම්බන්ධ තොරතුරු ලබන සතියේ දී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට නියමිත බව මන්ත්රීවරයා සඳහන් කළේය. ඊට සමගාමීව එම තොරතුරු අයවැය කාරක සභා අවස්ථාවේදී ද හෙළිකිරීමට සැලසුම් කර තිබේ.
මීට පෙර ටොප් 10 යනුවෙන් වංචා දූෂණ තොරතුරු ලිපි ගොනු අල්ලස් කොමිසමට හා ජනාධිපති කොමිසමටද පැමිණිලි කළ අතර ඒ තොරතුරු ඇතුළත්ව පොතක්ද පසුගියදා එළිදැක්විය. ඒ අනුව ලබන සතියේ හෙළිකරන තවත් ටොප් 10 දූෂණ සමග යහපාලන ආණ්ඩුවේ දූෂණ ගොනුව ටොප් 20 වන බව මන්ත්රීවරයා පැවසීය.
චමින්ද සේනාරත්න