යහපාලනයෙන් දුෂණ සොයන කොමිසමෙන් ගම්මන්පිලට නොතිසි
යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දූෂණ හා අක්රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ එළැඹෙන ජූලි 11 වැනිදා පෙනී සිටින ලෙසට පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිලට නොතීසි නිකුත් කර තිබේ.
ඒ නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති තීනියාවල පාලිත හිමියන් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට හා නැගෙනහිර හිටපු ප්රධාන ඇමැති ඒ.එල්.එම්. හිස්බුල්ලාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට සාක්ෂි ලබාදීම සඳහාය. පසුගිය සතියේදී පාලිත හිමියන් එම කමිටුව හමුවේ පෙනී සිටිමින් පැවසුවේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර උදය ගම්මන්පිල මන්ත්රීවරයා දන්නා බවයි.
ඒ අනුව එළැඹෙන ජූලි 09 වැනිදා කොමිසමේ පිහිටුවා ඇති විශේෂ පොලිස් ඒකකයට ප්රකාශයක් ලබා දෙන ලෙසටද ගම්මන්පිල මන්ත්රීවරයාට නියෝග කර ඇත.
