News

යාපනය කල්ලඩි නිවසකට පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය, කල්ලඩි ප්‍ර‍දේ‍ශයේ නිවසකට ඊයේ (16) රාත්‍රියේ කිසියම් පිරිසක් පෙට්‍රෝල් බෝම්බ ගසා ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසති.

යාපනය ප්‍රදේශවාසීන් පැවසූවේ අදාළ ස්ථානයේ ප්‍රහාරයෙන් දේපළ වෙත හානි සිදුවි ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය යාපනය පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසූවේ කලඩ්ඩි ප්‍රදේශයේ නිවසකට ඊයේ (16) රාත්‍රියේ කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කොට ඇති බවයි.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවි නොමැති බවද පොලිසිය පැවසීය.

යාපනය ප්‍රදේශවාසීන් පැවසූවේ අදාළ පහදීම ආවා කල්ලිය විසින් සිදු‍කළේද යන්න සම්බන්ධයෙන් සැක කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය