News

යාපනය නගරාධිපතිට කොවිඩ්

යාපනයේ තවත් පුද්ගලයින් 18දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

එම ආසාදිතයින් අතර යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතාද සිටියි.

පසුගියදා නගරාධිපතිවරයා සහභාගි වූ විවාහ මංගල උත්සවයකට පැමිණි කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව ඔහු කොවිඩ් පරීක්ෂණයක් සිදු කර ගෙන ඇති අතර එම වාර්තාව අනුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.

යාපනය ප්‍රදේශයේ 660 දෙනකුට සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයකින් අනෙකුත් ආසාදිතයින් හඳුනා ගෙන ඇති අතර එම ආසාදිතයින් අතර යාපනය පොළේ වෙළෙඳුන් නව දෙනකු සිටින බව ද සෞඛ්‍ය අංශ පවසයි.

අදාළ ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ යාපනය පොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.