යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධ තීන්දුවට දින නියමවෙයි
යාපනය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු 2016 වසරේ ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වන නඩු විභාගයේ තීන්දුව එළැඹෙන 27 වැනිදා ප්‍රකාශයට පත්වීමට නියමිත බව යාපනය අධිකරණ ආරංචි මාර්ග පවසයි.
පසුගිය 2016 ඔක්තෝම්බර් 20 වැනිදා යාපනය විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලද සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි තැබීමකින් ජිවිතක්ෂයට පත්වු බවට මූලික චෝදනා එල්ල වි තිබිණ.
යාපනය ප්‍රදේශයේ පදිංචි විජයකුමාර් සුලක්ෂන් නමැති සිසුවෙකු හා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි නඩරාජා ගජන් නමැති සිසුන් දෙදෙනෙකු එලෙස ජිවිතක්ෂයට පත්විණ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් පස් දෙනෙකු වෙනුවෙන් චෝදනා එල්ලවි තිබිණ.
එවකට සිසුන් දෙදෙනා ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව යාපනය විශ්ව විද්‍යාල සිසුන් දැඩි විරෝධතා වැඩසටහනක් පැවැත්වු අතර, අදාළ ඝාතනයන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලා විශ්ව විද්‍යාල සිසුන් මාර්ග වසාදමා විරෝධතා පැවත්වූහ.
වවුනියාව – මාධව කුලසූරිය
