යාපනය විශ්ව විද්‍යාල සිසුවියකගේ මළ සිරුරක් සොයාගනියි
යාපනය,විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසර අධ්‍යාපනය ලද සිසුවියකගේ මළ සිරුරක් ඊයේ(19) සවස සොයාගත් බව යාපනය තෙලිප්පලෙයි පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණියකගේ මළ සිරුරක් එලෙස සොයා ගැනීමට හැකිවු බවයි.
අදාළ සිසුවිය යාපනය මල්ලාකම් ප්‍රදේශයේ කුලී නිවසක රැදී සිට ඇති අතර, සිසුවිය ඊයේ(19) සිය නිවසට ගොස් නැවත පැමිණීමෙන් අනතුරුව ගෙල වැළලාගෙන ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.
සිසුවිය රැදී සිටි කුලී නිවසේ අයිතිකරුවන් සිය නිවසේ රාත්‍රී කාලයේ විදුලි පහන් දල්වා නොමැති බව නිරීක්ෂණය කිරීමට යාමේදී සිසුවියගේ සිරුර දැක ඇති බව පොලිසිය සඳහන් කළේය.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය
