යාපනය විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක්
යාපනය විශ්ව විද්‍යාලයේ නිසි බලධාරියා ලෙස මහාචාර්ය කන්දසාමි කදිර්ගාමනාදන් මහතා ඊයේ(07) පත් කොට ඇති බව විශ්ව විද්‍යාල පාලක සභාව පවසයි.
විශ්ව විද්‍යාලයේ උප කුලපති රත්නම් විග්නේශ්වරන් මහතා ඉවත් කිරීමෙන් අනතුරුව කදිර්ගාමනාදන් මහතා පත්කොට තිබිණ.
විශ්ව විද්‍යාලයට උප කුලපතිවරයෙකු පත් කරනතෙක් කදිර්ගාමනාදන් මහතා විශ්ව විද්‍යාල නිසි බලධරයා ලෙස පත් කොට ඇති බවද විශ්ව විද්‍යාල පාලක සභාව පවසති.
කදිර්ගාමනාදන් මහතා භෞතික විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්යවරයෙකු වන අතර, භෞතික විද්‍යාව පිළිබඳ පරීක්ෂණ රැසක් වෙනුවෙන් දායකත්වය සපයා ඇත.
හයිඩ්රජන් පැතිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ රැසක් මෙහෙයවා ඇති කදිර්ගාමනාදන් මහතා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ පීඪාධිපති වශයෙන්ද කටයුතු කරනු ලැබීය.
වවුනියාව – මාධව කුලසූරිය