News

යාපනයේ රාජ්‍ය බැංකු කළමණාකරුවකුගේ නිවසකට සහ මෝටර් රථයට ප්‍රහාරයක්

යාපනය ආරියාලේ ප්‍රදේශයේදී රාජ්‍ය බැංකුවක රැකියාවේ නියුතු කළමණාකරුවෙකුගේ නිවසකට මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද අළුයම යතුරු පැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මෙම පහරදීමෙන් නිවසේ බඩුබාහිරාදියට සහ මෝටර් රථයට හානි සිදුවී තිබෙනවා.

පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනවා.