Update : දෙවන වරටත් සාක්ෂි ලබාදීම සදහා යුද හමුදාපති විශේෂ කාරක සභාව හමුවට
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දෙවන වරට සාක්ෂි ලබාදීම සදහා යුද හමුදාපති මහේෂ් සේනානයක මහතා පැමිණ ඇත.
මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ද අද කාරක සභාව හුමවේ පෙනී සිටීමට නියමිතයි.
Update : 31 07 2019 11.30am
——————————————————————————————————————————–
යුද හමුදාපති අදත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (31) යළි රැස්විමට නියමිතව තිබේ.
අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාරක සභාව රැස්වීමට නියමිතයි.
කාරක සභාව හමුවේ අද දින යළි යුධ හමුදාපති මහේෂ් සේනානයක මහතා සාක්ෂි ලබාදීම සදහා කැදවා තිබේ.
යුධ හමුදාපතිවරයාට අමතරව හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ද අද කැදවා ඇති බව වාර්තා වේ.
