යුධ හමුදා උත්තමාචාර මැද සමුගත් කාලතුවක්කු බලකායේ නිළධාරියා
ශ්‍රි ලංකා යුධ හමුදා කාලතුවක්කු බලකායේ වසර 23 ක සේවා කාලයක් සම්පූර්ණ කොට විශ්රාමගතව සිටියදී මියගිය යුධ හමුදා බළලත් නිළධාරි II එස්.සරවනමුත්තු නිළධාරියාගේ අවසන් කටයුතු යුධ හමුදා ගෞරව මැද ඊයේ (02) යාපනය,චුන්නාකම්,කොත්තියාලඩි හින්දු සුසාන භූමියේදී සිදුකෙරිණ.
යුධ හමුදාව වෙත 1958 අගෝස්තු 04 වැනිදා එක්වි ඇති සරවනමුත්තු මහතා යුධ හමුදා මූලික පුහුණුවෙන් අනතුරුව හතරවන කාලතුවක්කු බලකාය යටතේ සේවය කොට තිබිණ.
රටේ පැවති යුධ වාතාවරණය හමුවේ රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් කැපවි සේවය කොට ඇති සරවනමුත්තු නිළධාරියා පදකක්ම් රැසකින් පිදුම් ලබා ඇති අතර,සේවය කළ සමයේ සිදුකළ විශිෂ්ට සේවය ඇගයීම වෙනුවෙන් යුධ හමුදා ගෞරව යටතේ අවසන් කටයුතු සිදුකරනු ලැබීය.
චුන්නාකම් යුධ හමුදා කදවුරු නිළධාරීන්ගේ අවසන් ගෞරව යටතේ අවසන් කටයුතු සිදුකළ අතර, යුධ හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන් රැසක් හා සරවනමුත්තු මහතාගේ ඥාතීන් විශාල පිරිසක් අවසන් කටයුතු වෙනුවෙන් එක්ව සිටියහ.