රංජන්ගේ නඩුව ජනවාරි 28ට කල්යයි
අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ සාක්ෂි විභාග කිරීම ජනවාරි 28 වන දක්වා කල් තබනු ලැබුවා. ඒ සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.
පසුගිය වසරේ අගෝස්තු මස 21 වනදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙරට විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවයි.
එමඟින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබුණු අතර වැඩිදුර විමසීම ජනවාරි 28, 29 සහ 30 යන දිනවල කල් තැබුණි.
මීළඟ නඩු දිනයට ප්‍රථම වගඋත්තරකාර රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා අධිකරණයට දන්වා සිටියේය.