රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති ලබන 19 වනදා දක්වා රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා ලබන 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඊයේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඇවන්ට්ගාඩ් විමර්ශනයට අදාළව වන අතර එම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් නම් කරනු ලැබු සැකකරුවන්ගෙන් 08 වන සැකකරු වන්නේ වික්ටර් සමරවීර මහතාය.
