රජය දුන් නිවාඩු කාලය තුල පුරාවිද්‍යා ස්ථාන වසා දමයි
කොරෝනා වෛසරය ව්‍යාප්ත වීම හේතුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති නිවාඩු කාලය තුල ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථාන වසා තබන බව රජය දැනුම් දෙයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දේශිය සහ විදේශිය සංචාරකයින් එම ස්ථානවල සංචාරය කිරිමෙන් වළකින්නැයි බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා දැනුම් දී ඇති බවයි.
එමෙන්ම සංචාරක මග පෙන්වන්නන් විසින් විදේශ සංචාරකයින් එම ස්ථාන වෙත රැගෙන යාමෙන් වළකින ලෙස ඉල්ලා සිටියි
