News

රජයේ සේවකයන්ගේ ලිපි ගොනු පරිගණක ගත කරයි

රාජ්‍ය සේවකයන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ලිපි ගොනු පිළිබඳ සියලු විස්තර පරිගණක ගත කිරීමේ වැඩපිළිවෙළක් සකසන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

සිය අමාත්‍යාංශය වෙත ලැබෙන විශ්‍රාම වැටුප් සකසා ගැනීම වෙනුවෙන් වන බොහෝ ලිපි අස්ථානගත වීම වැළැක්වීම සඳහා මෙම වැඩපිළිවෙළ සකස් කරන බව අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම ඇතැම් පෞද්ගලික ලිපි ගොනුවල පවතින අඩුපාඩු සකස් කිරීමට ගතවන කාලය අවම කර ගැනීමද මෙහි අරමුණයි.

මෙම ලිපි ගොනුවලට හානියක් නොවන අයුරින් තබා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය ඉඩ සහ ලිපි ද්‍රව්‍ය අඩු කිරීමටද මෙමගින් හැකිවනු ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

 

චාමර පල්ලේගෙදර