රජරට සිසුන් උද්ඝෝෂණයක් අරඹයි
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු රජරට විශ්ව විද්‍යාලය ඇතුළු දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වහා විවෘත කරන්නැයි ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණයක් අද (16) මිහින්තලේ රජරට විශ්ව විද්‍යාල පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්විණි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා එක්ව රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද පස්වරුවේ මෙම උද්ඝෝෂණය කර තිබේ.
ඔවුන් සදහන් කරන්නේ වහාම සියලුම සරසවි වල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරන ලෙසටයි.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.