රට පුරා අධිකරණවල ඉඩම් නඩු 719ක්
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට එරෙහිව හා කොමිෂන් සභාව විසින් පුද්ගලයන්ට එරෙහිව අධිකරණයේ නඩු 719 ගොනු කර ඇත.
නඩු වැඩි සංඛ්‍යාවක් පවරා ඇත්තේ කොමිෂන් සභාව සතු ඉඩම්වල අනවසරයෙන් පදිංචි වීම සම්බන්ධයෙනි. මේ අතර කොමිෂන් සභාවට එරෙහිව පුද්ගලයින් විසින් නඩු පවරනු ලැබ ඇත.
ඉන් වැඩි ප්‍රමාණයක් දිසා අධිකරණවල ගොනු කර ඇති අතර එම ප්‍රමාණය 419කි.
මහේස්ත්‍රාත් අධිකරණවල නඩු 144ක්ද අභියාචනාධිකරණයේ නඩු 53ක්ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 34ක්ද විභාග වේ.
ඊට අමතරව සිවිල් අභියාචනාධිකරණයේ නඩු 32ක්ද, මානව හිමිකම් කොමිෂන් සභාවේ නඩු 19ක්ද, කම්කරු විනිශ්චය සභාවේ නඩු 05ක්ද විභාග වෙමින් පවතී.
චමින්ද සේනාරත්න