රටටම උපදෙස් දෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂබීජ හරණය බිංදුවයි
දිවයින පුරා රාජ්‍ය ආයතනවලට ඇතුළු වීමේදී අත් සහ මුහුණ සේදීම සඳහා ජල පහසුකම් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව පසුගිය සෙනසුරාදා (14 වැනිදා) සිට රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතනද ජල පහසුකම් සකස් කර තිබුණි.
ඇතැම් බස් නැවතුම් පොළවලට ජල පහසුකම් සකස් කර තිබූ අතර විෂ බීජ හරණ දියරද තබා තිබුණි.
නමුත් මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ප්‍රධාන දොරටුව සහ ප්‍රධාන පිවිසුමයි.
මෙම ස්ථානවල කිසිදු ජල පහසුකමක් හෝ විෂ බීජ හරණ දියරද නොමැත.
