News

රතුපස්වල නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන්නැයි නීතිපති ඉල්ලයි

පසුගිය 2013 අගෝස්තු 1 වැනිදා ජලය ලබාගැනීම වෙනුවෙන් රතුපස්වලදී විරෝධතාවයේ නිරත වූ ජනතාවට වෙඩි තැබීමේ නඩුව විභාග කිරීම සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සිදුවීම මහජන කැළඹීමකට හේතුවන සිදුවීමක් බවත් එය සැලකිල්ලට ගෙන විශේෂ මහාධිකරණයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබේ.