News

රථ පෙළපාලියේ වෑන් රථයක් පෙරලී තිදෙනෙක් රෝහලේ

මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අද(07) පැවති රථ පෙළපාලියක දී වෑන් රථයක් පෙරලීමෙන් සිදුවු අනතුරක් හේතුවෙන් පාසල් සිසුන් තිදෙනෙකු රෝහල්ගත කර ඇත.

මාතර රාහුල විද්‍යාලයේ වාර්ශික රථ පෙළපාලියට යමින් තිබූ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරින් තුවාල ලැබු සිසුන් තිදෙනා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතළ හෙයින් අදාළ සිසුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුළත් කරන විට ඔවුන් තිදෙනා බීමතින් සිටි බව රෝහල් පොලීසිය ප්‍රකාශ කරයි

මොවුන් 2021 වසරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් තිදෙනෙක් වේ.