News

රන් ආභරණ තොගයක් සමග කටුනායකදී ලාංකිකයන් 14ක් අත්අඩංගුවට

මෙරටට නීති විරෝධී ලෙස රැගෙන ආ රන් ආභරණ තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

එම රන් ආභරණවල වටිනාකම රුපියල් මිලියන 32කට ආසන්න බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

එම රන් ආභරණ රැගෙනවිත් ඇත්තේ ඔවුන් චෙන්නායි සිට බව සඳහන් වන අතර සැකකරුවන් සතුව තිබූ මාල, මුදු ඇතුළු රන් ආභරණවල බර කිලෝග්‍රැම් 4.7ක් වෙයි.