රන්ජන් අග්‍රාමාත්‍යවරයා හමුවට කැඳවයි
භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමින් සිදුකළ ප්‍රකාශය පිළිබද කරුණු විමසීමට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද අග්‍රාමාත්‍යවරයා හමුවට කැදවා ඇත.
අද පස්වරු 3 ට අරලියගහ මන්දිරයේදී අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස රන්ජන් රාමනායක අමාත්‍යවරයාට දැනුම්දී ඇත.
පසුගියදා භික්ෂුන් වහන්සේලාට අපහාස වන අන්දමින් සිදුකල ප්‍රකාශය පිළිබදව ලිඛිතව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට ලිපියකින් දැනුම් දී තිබේ. රන්ජන් රාමනායකගේ ප්‍රකාශය පක්ෂයේ අදහස සමග පරස්පර බව එමගින් පෙන්වා දී ඇත.
