News

රන්ජන් හඬපට සම්බන්ධයෙන් CCDය විශේෂ විමර්ශන අරඹයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයින්ට ගත් දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ රන්ජන් රාමනායක මහතාගේ නිවස පරීක්ෂාවේදි සොයාගත් සංයුක්ති තැටිවල අන්තර්ගත තොරතුරු සහ මේ දිනවල සමාජ මාධ්‍ය හා ජන මාධ්‍යවල විකාශය වන හඬ පට පිළිබඳ විමර්ශන සිදුකරන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙකු සදහන් කළේය.

අදාළ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් ඒ ඒ දුරකතන සමාගම් මගින් වාර්තා කැඳවීමට නියමිත බවට තොරතුරු වාර්තාවේ.