රන්ජන්ගේ කොකේන් ප්‍රකාශය පිලිබඳ විමර්ශනය කළ කමිටුවේ වාර්තාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කළ කමිටුවේ වාර්තාව අද රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
කමිටු සභාපති අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අදාළ වාර්තාව භාර දුන් බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල ප්‍රකාශ කළේය.
පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව පැවැත්වුණු අතර මෙහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සහ පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ලබන අතර
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු වාර්තාව ද මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.