News

Update : රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලැබුවේ 5වැනි වරටයි.

————————————————————————————————————————————

අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා තවත් සුළු වේලාවකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලබන්නේ 5වන වරටවීම විශේෂත්වයක්.

————————————————————————————————————————————

රනිල් අගමැති ලෙස දිවුරුම් දීම අද

නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද (16) දිව්රුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කළේ ය.

පෙරවරු 10.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිව්රුම් දෙන බව ඒ මහතා සඳහන් කළේ ය.

රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිව්රුම් දෙනු ලබන්නේ පස්වැනි වතාවටයි.

නව කැබිනට් මණ්ඩලය ඉරිදා සවස හෝ සඳුදා දිනයේ දිවුරුම් දීමට නියමිත බව ද වාර්තා වේ.