රනිල්ගෙන් ට්රම්ප්ට සුබපැතුම්
ISIS හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ නායකයා මරා දැමීම සම්බන්ධයෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට සුබ පැතුම් එක් කර ඇත.
අද (27) ලිපියක් යවමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ට මහතා වෙත අග්රාමාත්යවරයා එලෙස සුබ පැතුම් එක් කර ඇති අතර රුසියාව, තුර්කිය, සිරියාව සහ ඉරාකයේ ද සහාය ඇතිව අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි අල්ලාගැනීම සඳහා මෙහෙයුමක් ක්රියාත්මක කළ බවත් ඒ අතරවාරයේදී ඔහු මරාගෙන මරෙන බෝම්බ සහිත කබාය පුපුරුවා ගනිමින් මියගිය බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා විශේෂ ප්රකාශයක් කරමින් සඳහන් කළේය.
