News

රයන් සමග අත්අඩංගුවට ගත් සිව්දෙනා නිදහස්

ඩුබායි හිදි මාකඳුරේ මධූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් සමඟ පැමිණි පුද්ගලයින් සිව්දෙනා නිදහස් කර ඇති බව පොලීසිය පවසයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔවුන් සිව්දෙනා නිදහස් කර තිබේ.

ඊයේ (04) දිනයේ මොවුන් දිවයිනට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන පොලිස් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

ඉන් අනතුරුව අද (05) අළුයම 3.00ට පමණ රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසිය වෙත භාරදී ඇත.

ඒ, ඔහුට එරෙහිව ඇති ගංජා ළඟ තබාගැනිමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළ ප්‍රශ්න කිරීම් සදහා බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.