News

රවී අධිකරණයට ඇවිත් යයි

යහපාලන රජය සමයේ සිදුවු ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර ගණුදෙනුව සම්බන්දයෙන් චෝදනා එල්ල වු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඒ අභියාචනාධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.

2016 වසරේ මාර්තු මාසයේ සිදුවු අදාල ආන්දෝලනාත්මක බැදුම්කර ගණුදෙනුවේ සිදුවු අක්‍රමිකතාවන්ට අදාලව රවී කරුණානායක මහතා ඇතුලු 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණා.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගැනිමට ඔහුගේ නිවස අවස්ථා කිහිපයකදී පරීක්ෂා කළද ඔහු නිවසේ නොසිටි බව දැනගන්නට ලැබුණා.

පසුව රවී කරුණානායක මහතා ඔහුගේ නීතිඥයින් මගින් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොණු කරමින් ඉල්ලා සිටියේ තමන් අත්අඩංගුවට ගැනිම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසයි.

අදාල පෙත්සම වැඩිදුර සළකා බැලිම ලබන 17 වනදා දක්වා කල් තැබීමට නියෝග කළ අභියාචානාධිකරණය රවී කරුණානායක මහතාට අද පස්වරු 4 ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කර තිබුණා.