News

රවී ඇතුලු 12 කට විදෙස් ගමන් තහනම්

2016 වසරේ යහපාලන රජය සමයේ සිදුවු ආන්දෝලනාත්මක බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුලු 12 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කර තිඛේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දී ඇත්තේ.

ඔවුන් අත්අඩංගුවට ගැනිමේ වරෙන්තු නිකුත් කිරිම පිළිබද තීරණය ලබන 06 වනදා ලබා දෙන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා දැනුම් දී ඇත.

2016 වසරේ මාර්තු මාසයේ පසුගිය යහපාලනය රජය සමයේ බැදුම්කර වෙන්දේසියේදී සිදුවු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණා. ඒ අනුව පොලිසිය අධිකරණයට අද කරුණු වාර්තා කර තිඛේ